ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස් වූ එම ධුරය සඳහා මීළඟ අනුප්රාප්තිකයා තෝරාගැනීමේ නිල ක්රියාවලිය හෙවත් කොන්ක්ලේව් ක්රියාවලිය මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කරනවා.
මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135ක්.
කාදිනල්වරු 53ක් යුරෝපයෙන්ද, 23ක් ආසියාවෙන්ද, 20ක් උතුරු ඇමරිකාවෙන්ද, 18ක් අප්රිකාවෙන්ද, 17ක් දකුණු අමෙරිකාවෙන්ද, 04ක් ඕෂනියාවෙන්ද මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතුයි.
පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ.
එමෙන්ම බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් ඊයේ සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දමා තිබෙනවා.
ඒ අනුව සුවිශේෂී වූ රතු ලෝගුවෙන් සැරසී ඡන්දය භාවිත කිරීමට එන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්රිකාව පාප්වරයා තෝරාගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබයි.
ඡන්දයේ රහස්ස්යභාවය රැකගැනීම සහ දේශපාලන බලපෑම් වලින් පල්ලිය ආරක්ෂා කරගැනීම සඳහායි 1800 සිට එන එම සම්ප්රදායට හේතුවී ඇත්තේ.
එම ඡන්ද විමසීමෙන් අනතුරුව පාප්වරයෙකු තෝරාගත් බවට බාහිර ලෝකය දැනුවත් වන්නේ, ඡන්දය ප්රකාශ කළ පත්රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙන් වේ.
ඒ අනුව, සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංකේතවත් කෙරෙනවා.