චීන ජනාධිපති ෂී ජින්පින් මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථනයෙන් කතා කර නොමැති බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන්ගේ තීරුබදු යුද්ධය විසඳීම සඳහා දෙරට අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවයි චීනය නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ.
මෙසේ ලොව විශාලතම ආර්ථිකයන් දෙකක් අහස උසට ඉහළ වෙළඳ බදු සම්බන්ධයෙන් ආරවුලක සිරවී සිටින බැවින්, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුගේ ප්‍රකාශය, පසුගිය සතියේ ටයිම් සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ෂී තමාට කතා කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ තම පරිපාලනය තීරුබදු ගිවිසුමකට එළඹීම සඳහා චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ජනාධිපති ෂී තමාට කතා කළ බවත්ය.
ඒ අනුව ඔවුන්ගේ තීරුබදු යුද්ධය විසඳීම සඳහා දෙරට අතර කිසිදු සාකච්ඡාවක්, පරිපාලන තීරුබදු ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ නොකරන බවත්, ටයිම් සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පටහැනි බවයි චීනය නැවත අවධාරණය කරමින් පවසා ඇත්තේ.
පසුගිය සතියේ බීජිං එවැනි සාකච්ඡා සිදුවන බව නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ අතර වොෂින්ටනය “මහජනතාව නොමඟ යවන” බවට ද චෝදනා කළා