ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැල්පත් නිවාස පෙළක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු පිළිස්සී මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එම ගින්නට පිළිස්සී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු දෙක හමාරක් වන කුඩා ගැහැණු දරුවකු හා අවුරුදු 03ක් වන පිරිමි දරුවෙක්.
විදෙස් මාධ්‍ය පැවසුවේ එම ගින්නෙන් පැල්පත් නිවාස 800ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි.
එමෙන්ම ගිනි නිවන භටයින්ට ගින්න ඇති වූ ප්‍රදේශයේ මායිම් බිත්තිවලින් වට වූ පටු මංතීරුවලට ඉක්මනින් ඇතුළු වීමට නොහැකි වූ නිසා ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ එම ස්ථානට ගෙන යාමට කාලය ගත වී ඇති බව සඳහන්.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් තහවුරු කර නොමැති බවයි දිල්ලි ගිනි නිවන ඒකකයේ නිලධාරියෙකු කියා සිටියේ.