ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදු වූ විශාල පිපිරුමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඉරාන මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 750 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම තවත් පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන් වී ඇති බවද සඳහන්.
වරායේ පිපිරීම කිලෝමීටර් 50ක් දක්වා දුරකට දැනී ඇති අතර පිපිරීම ඇති වීමට ප්‍රථම ගින්න ත්‍රීව්‍ර ලෙස වර්ධනය වී පසුව පිපුරුමක් දක්වා එය පැමිණ තිබෙනවා.
ඉරාන රේගු අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ පිපිරිමට හේතුව අනතුරුදායක භාණ්ඩ හා රසායනික ද්‍රව්‍ය විය හැකි බවයි.
මෙම පිපිරීමෙන් වරායට සහ ගොඩනැගිලිවලට ද හානි සිදුවී තිබෙනවා.
එමෙන්ම ෂාහිඩ් රාජි වරාය ඉරානයේ විශාලතම සහ වඩාත්ම දියුණු පර්යන්ත වන අතර රටේ වාණිජ නැව් ගමනාගමනයෙන් වැඩි ප්‍රමාණයක් මෙම වරාය හරහා වන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටා ඇති මෙම වරාය, ඉන්ධන නෞකා බොහෝමයක් ගමන් කරන තීරණාත්මක ජල මාර්ගයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.