පාකිස්තාන හමුදා මුරපොලවල් කිහිපයකින් එල්ල වූ අවි ප්‍රහාරවලට තමන් අද (26) ප්‍රතිචාර දැක්වූ බව ඉන්දීය හමුදාව පවසනවා.
ඒ අනුව කාශ්මීරයේ ඉන්දියානු සහ පාකිස්තාන ප්‍රදේශ වෙන් කරන කිලෝමීටර් 740 (සැතපුම් 460) ක තථ්‍ය දේශසීමාව දිගේ ඊයේ මධ්‍යම රාත්‍රියේ පමණ ආරම්භ වූ පාකිස්තාන හමුදා මුරපොලවල්වලින් එල්ල වූ කුඩා අවි වෙඩි ප්‍රහාරවලටයි මෙලෙස ඉන්දීය හමුදාව ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අඛණ්ඩව දෙවන දිනටත් දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි
මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය තුළ උද්ගතව ඇති මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ දෙරටම උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවට ජගත් සංවිධානය පවසනවා.
ඒ අනුව පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවට දෙරටම සහතික විය යුතු බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.
එසේම පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇති ඕනෑම ගැටළුවක්, අර්ථවත් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගත හැකි බවට විශ්වාසය පළකරන බව ද ඔවුන් අවධාරණය කළා.
දකුණු කාශ්මීරයේ පහාල්ගාම් සංචාරක ප්‍රදේශයක් ඉලක්ක කර එල්ලවූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි වු අතර ඒ අතරින් 25 දෙනෙකු ඉන්දියානුවන් වේ.