ඊශ්‍රායලය මානුෂීය ආධාර සැපයීම අවහිර කිරීමෙන් ගාසාහි ආහාර අර්බුදයක්

Published on

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ගාසා හී සියලුම ආහාර තොග අවසන් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා.

ඒ අනුව මාර්තු 2 වන දින ඊශ්‍රායලය ආධාර කපා හැර මාස දෙකක සටන් විරාමය බිඳ වැටීමෙන් සති දෙකකට පසු ප්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කළේ, එහි ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස හමාස් සංවිධානයට බලපෑම් කරන බව පවසමිනි.

කෙසේ වෙතත් ගාසා තීරයේ සිටින පලස්තීනුවන් මිලියන 2.1ක් සඳහා සැපයුම් සහතික කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලය බැඳී සිටින බවයි එම සංවිධානය අවධාරණය කර ඇත්තේ.

මේ අතර මාර්තු මස අවසානයේ දී, ගාසා තීරයේ එම ආහාර වැඩසටහන විසින් සහාය දක්වන ලද බේකරි 25 හිම තිරිඟු පිටි සහ ඉවුම් පිහුම් ඉන්ධන අවසන් වීමෙන් පසු වසා දැමීමට සිදු වූ අතර සති දෙකක සලාක අඩංගු පවුල්වලට බෙදා හරින ලද ආහාර පාර්සල් ද අවසන් වූවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසාහී මන්දපෝෂණය ද නරක අතට හැරෙමින් පවතින අතර පරීක්ෂාවට ලක් කළ ළමයින් 1300ක් අතරින් 80කට වස වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණය තත්ත්වයෙන් පසුවන බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එය පෙර සතිවලට වඩා දෙගුණයක වැඩිවීමකි.

මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (OCHA) පවසන්නේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගෙන් පිරී ඉතිරී ගිය රෝහල් සඳහා ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ උපකරණවල දැඩි හිඟයක් ද පවතින බවත්, ඉන්ධන හිඟය ජල නිෂ්පාදනයට සහ බෙදා හැරීමට බාධා කරන බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this