ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දීයි.
ඒ අනුව අවමංගල්‍ය දේව මෙහෙය කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් පවත්වනු ලබන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට නියමිත බව සඳහන්.
මේ වනවිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුගිය දිනවල රාත්‍රිය පුරා අවස්ථාව සලසා දී තිබූ අතර, එය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8ට අවසන් වූවා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ දීයි.
මේ අතර පාප් වහන්සේගේ අවමංග්‍ය උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතායි සහභාගී වී සිටින්නේ.
එමෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාමි යන අයද වතිකානය බලා පිටව ගොස් තිබෙනවා.