චීන-රුසියා-ඉරාන නියෝජිතයන් හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනාරල්වරයා අතර හමුවක්

Published on

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ චීන ස්ථාවර නියෝජිත Li Song මහතා, රුසියා ස්ථාවර නියෝජිත Ulyanov මහතා හා ඉරාන ස්ථාවර නියෝජිත Najafi මහතා ඒකාබද්ධව එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා හමු ව තිබෙනවා.

වර්තමානයේ ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයෙන් විසඳීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය දායකත්වය ලබාදීම පිළිබඳව ඔවුන් එහිදී ගැඹුරින් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම රටවල් තුනේ නියෝජිතයින් මෙහිදී අවධාරණය කර තිබෙන්නේ අන්‍යෝන්‍ය ගරුකිරීම මත දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික සංවාදය, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳීමේ එකම ඵලදායී තේරීම බවයි.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට සිය වෘත්තීය හා වි‍ශේෂ කාර්යභාරය ඉටු කර සක්‍රීය ලෙස ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳීමේ දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික වෑයමට අනුබල දෙන බව ද ඔවුන් පවසා තිබෙනවා.

ඉරානය හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සංවාද හා සහයෝගිතා පැවැත්වීම ශක්තිමත් කිරීමට චීනය හා රුසියාව සහාය ලබා දෙන බවටයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.

රුසියාව, ඉරානය හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සමග සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික විසඳීමේ ක්‍රියාවලියට ධනාත්මක විභවයක් එක් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Li Song මහතා සඳහන් කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this