අපි තීරුබදු සටනේ දී පසු බහින්නේ නෑ ,සාකච්ඡා සඳහා සැමවිටම විවෘතයි – චීනය

Published on

සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය කිසි විටෙකත් පසු නොබසින නමුත් සාකච්ඡා සඳහා එකඟ වන්නේ නම්, සිය දොරටු විවෘත කිරීමට සූදානම් බව චීනය පවසනවා.

චීනය ඇමරිකාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත්, එසේ නොවුණහොත් ඇමරිකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ නොහැකි වනු ඇති බවට ඇමරිකාව පසුගිය දා කළ අදහස් පළ කිරීමට ප්‍රතිචාර දක්වමිනුයි ඔවුන් මෙලෙස පවසා ඇත්තේ.

ඒ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා සඳහන් කළේ, ඇමරිකාව විසින් දියත් කරන ලද තීරුබදු යුද්ධය සම්බන්ධයෙන්, චීනයේ ආකල්පය ඉතා පැහැදිලි බවයි.

එමෙන්ම ඇමරිකාවට සැබැවින්ම සංවාදය සහ සාකච්ඡා මගින් ගැටලු විසඳීමට අවශ්‍ය නම්, තර්ජනය කිරීම සහ අනිසි බල කිරීම නතර කළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන පදනම් මත, ඇමරිකාව චීනය සමග සංවාදයට පැමිණිය යුතු බවයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this