දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව පරදී

Published on

සත්කාරක දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 109 ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (9) සිදු වුණා.

Gqeberha හි පැවැති තරඟයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ජයග්‍රහණය සදහා දෙවැනි ඉනිමේදී ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියා.

නමුත් ඔවුන්ට අද දිනය අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 238ක් පමණි.

අද දිනයේ පළමු කඩුල්ල නොහොත් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 46 කට දවා ගැනීමට කේෂාව් මහරාජ් සමත් වුණේ තරඟයේ ජයග්‍රහණය පිළිබද ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු බිඳ දමමින්.

අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 50 කට දැවී ගියේ කාගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේයි.

ධනංජය හා මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගී තිබූ සම්බන්ධතාවය ලකුණු 97 (159)කි.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 9 කටත්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 5 කටත්, ලහිරු කුමාර එක් ලකුණකටත් දවා ගනිමින් දකුණු අප්‍රිකාව තරඟයේ ජය මෙන්ම තරඟාවලියේ ජය ද තරඟ 2-0 ක් ලෙස තහවුරු කර ගන්නේ මේ අනුවයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 35 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 32 ක් ලබා ගත අතර, මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට බෙහෙවින් බලපානු ලැබුවේ ඔවුන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා සිය ඉනිම් පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම නිසයි.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 76 කට කඩුලු 5 ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා හා ඩේන් පැටර්සන් කඩුලු 2 බැගින් බිද හෙලනු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව 328කි.

එහිදී දකුණුු අප්‍රිකාව දෙවැනි ඉනිමට ලකුණු 317 ක් ලබා ගනු ලැබුවා.

ඩේන් පැටර්සන් තරගයේ වීරයා ලෙසත් ටෙම්බා බවූමා තරගාවලියේ වීරයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...