ට්‍රම්ප් පැනවූ බද්දට විරුද්ධව අමෙරිකාවේ ප්‍රාන්ත 12ක් නඩු පවරයි

Published on

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීම සඳහා අමෙරිකාවේ ප්‍රාන්ත 12ක් නිව්යෝර්ක්හි එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණයේ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රතිපත්තිය ඔහුගේ “නීත්‍යානුකූල අධිකාරියේ යහපත් ක්‍රියාකාරිත්වයට වඩා ඔහුගේ අභිමතයන්ට” යටත් වී ඇති බවයි නඩුවේ සඳහන් වන්නේ.

එමෙන්ම ඔවුන් පවසන්නේ එසේ බදු පැනවීම නීති විරෝධී බවත්, රටේ ආර්ථිකය අවුල් සහගත තත්ත්වයකට පත්කර ඇති කර ඇති බවයි.

මෙලෙස නඩු පවරා ඇත්තේ ඔරිගන්, ඇරිසෝනා, කොළරාඩෝ, කනටිකට්, ඩෙලවෙයා, ඉලිනොයිස්, මේන්, මිනසෝටා, නෙවාඩා, නිව්මෙක්සිකෝ, නිව්යෝර්ක් සහ වර්මොන්ට් යන ප්‍රාන්තය.

තවද “හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට පහසු යැයි සිතන ඕනෑම හේතුවක් නිසා, එක්සත් ජනපදයට ඇතුළු වන ඕනෑම භාණ්ඩයක් සඳහා දැවැන්ත හා නිරන්තරයෙන් වෙනස් වන තීරුබදු පැනවීමේ අධිකාරිය තමාට හිමි බව ප්‍රකාශ කිරීමෙන්, ජනාධිපතිවරයා ව්‍යවස්ථාමය පිළිවෙල උඩු යටිකුරු කර ඇමරිකානු ආර්ථිකය අවුල් සහගත කර තිබේ” යනුවෙන් ද නඩුවේ සඳහන් වේ.

ඒ අනුව එම නඩුව මගින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තීරුබදු නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසත්, රජයේ ආයතන සහ එහි නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් වළක්වන ලෙසයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this