ඊයේ කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය රජය, පාකිස්තානය සමඟ ඇති දේශසීමාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, සාර්ක් වීසා වැඩසටහන යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට යෑමට යළි ඉඩ නොදෙන බවයි.
එමෙන්ම එවැනි වීසා බලපත්‍රයක් සමඟ ඉන්දියාවේ සිටින ඕනෑම පාකිස්තාන ජාතිකයකු පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවී යා යුතු යැයි ද ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා.
එසේම නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරු අවලංගු කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර ඉන්දියාව ද සිය ආරක්ෂක හමුදා “ඉහළ සෝදිසියකට” ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.