මහජන ගෞරවය සඳහා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද (23)දින සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කෙරෙනවා.
මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සාමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට ලොවපුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටිනවා.
පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට මිහිදන් කිරීමට නියමිතයි.
උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අමෙරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් වතිකානු නගරයට පැමිණෙන බව ද නිවේදනය කර තිබෙනවා.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිත බව සඳහන්.
අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.