දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.
සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මියගිය අයගෙන් වැඩි දෙනෙක් ඉන්දියානුවන් වූ නමුත් විදේශිකයන් දෙදෙනෙකු ද මියගිය අය අතර සිටි බව වාර්තා වෙයි.
ඒ අතර ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද වනවා.
ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර එම ප්‍රදේශයට පයින් හෝ අශ්වයෙකු පිට පමණක් ප්‍රවේශ විය හැකි දුෂ්කරතාවන් නිසා ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා ඇති බව සඳහන්.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි විශ්වස කරන්නේ.
එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් සෞදි අරාබියේ නිල සංචාරයක් සඳහා අද පිටත්ව ගිය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය කෙටි කොට නැවත සිය රට බලා පිටත් විමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.