දකුණු අප්‍රිකා-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අද

Published on

සත්කාරක දකුණු අප්‍රිකා සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය අද අවසන් දිනට පැවැත්වෙනවා.

ඒ ශාන්තා ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේදීයි.

තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 143ක් අවශ්‍ය අතර ඒ සඳහා ඔවුන්ට කඩුළු 05කුයි ඉතිරිව තිබෙන්නේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ හතරවන දිනට තරඟය නතර කරන විට කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 205කි.

නායක ධනංජය ද සිල්වා සමගින් කුසල් මෙන්ඩිස් නොදැවී පිටියේ රැදී සිටිමින් ලකුණු 39ක් බැගින් රැස්කරගෙන සිටින අතර ඔවුන් දෙදෙනා 6වැනි කඩුල්ලට ලකුණු 83ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ගෙන යන බවයි කියන්නේ.

මෙහිදී කඩුළු 5ක් බිද හෙළීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

ඔහු ශ්‍රී ලංකාවෙන් පිටතදී ටෙස්ට් ඉනිමක් තුළ කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂ වේ.

.
කෙසේ නමුත් මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියලු‍ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 358ක් පමණි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු‍ දෙනා දැවී ලකුණු 328ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 30ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාවට සියලු‍ දෙනා පරාජය වී ලබා ගත හැකිවූයේ ලකුණු 317කි.

ශ්‍රී ලංකාවට ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණේ ඒ අනුවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this