ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කර තිබෙනවා.
88 වැනි වියෙහි පසු වූ උන් වහන්සේ බ්රොන්කයිටිස් රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කළ අතර, පසුව සුවය ලබා යළි පැමිණ සිටි බව සඳහන්.
අනතුරුව ඊයේ වතිකානයේ පැවති පාස්කු ඉරුදින ප්‍රධාන දේව මෙහෙයට ද උන් වහන්සේ සහභාගි වූයේ ජනතාව තුළ ප්‍රීති ප්රමෝදයක් ඇති කරමිනි.
වසර 12ක කාලයක් රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කළ උන් වහන්සේ කිහිප වරක් ම රෝහල්ගත කෙරුණු අතර එම රෝගී වීම් සඳහා ආසන්නම හේතුවක් ලෙස සැලකුණේ, වයස අවුරුදු 21දී පෙනහලුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීම බව කියයි.
1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් අයර්ශි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) දිස්ත්‍රික්කයේ උපන් උන් වහන්සේගේ පෞද්ගලික නම ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ වන අතර 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙනුයි පූජකවරය ලබා ගත්තේ.
ඉන් අනතුරුව උන්වහන්සේ 2001 වසරේ දි දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවනු ලැබුවා.
පසුව එවක පාප් වහන්සේ වූ ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධුරය අතහැරි පසුවයි 2013 පෙබරවාරි 28 වැනි දා පාප් පදවියට පත් උන් වහන්සේ සිය නාමය ලෙස ෆ්‍රැන්සිස් යන්න තෝරා ගනු ලැබුවේ.