රටින් පැන්න සිරියානු ජනපතිට රුසියාවේ සරණාගතභාවය

Published on

සිරියාවෙන් පලා ගිය එහි ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරනවා.

අසාඩ්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි රුසියානු බලධාරීන් පවසා ඇත්තේ.

රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයක් වේ.

වසර 54ක අසාද් පාලනය බිඳ දමමින් එරට ඩමැස්කස් අගනුවර ඇතුළු නගර රැසක බලය තමන් යටතට ගැනීමට අල්කයිඩා සංවිධානයට අනුබද්ධ Hayat Tahrir al-Sham (එච්.ටී.එස්.) කැරලිකාර කණ්ඩායම ඊයේ ( 08) සමත් වුවා.

එම තත්ත්වය හමුවේ ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළා ගොස් තිබුණේ රජයේ හමුදා සහ ඉහළ නිලධාරීන් සියලු‍ම දෙනා කැරලිකරුවන්ට යටත් වන අවස්ථාවේදීයි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවැනි පසුබිමක කැරලිකරුවන් සමග සුමට බල හුවමාරුවක් කිරීමට තමන් සූදානම් බවයි සිරියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

පසුගිය දින කිහිපය තුළ මෙම බළකාය ඉතා වේගයෙන් සිය අණසක පතුරවමින් ඇලෙප්පෝ නගරය අල්ලාගත් අතර පසුව හමා සහ හෝම්ස් නගර දක්වා ද සිය අණසක වේගයෙන් දියත් කරනු ලැබුවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this