2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වෙනුවෙන් අවුරුදු 128කට පසුව ඇතුළත් කර ඇති ක්‍රිකට් තරග දකුණු කැල්ෆෝනියාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කාන්තා සහ පිරිමි කණ්ඩායම් හයක් බැගින් එක්වනු ඇති.
මෙම ඔලිම්පික් උළෙල ජූනි මස 14 සිට 20 දක්වා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
එමෙන්ම දකුණු කැලිෆෝනියාවේ පොමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ක්‍රීඩාංගණය ඔලිම්පික් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පිළිගෙන ඇති බවද සඳහන්.
ICC සභාපති ජේ ෂා මහතා මෙම ස්ථානය තහවුරු කිරීම පිළිගෙන ඇති අතර ක්‍රීඩා උළෙලේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද පවසනවා.
1900 දී පැරිස් ක්‍රීඩා උළෙලේදී මීට පෙර ඔලිම්පික් උළෙලට සහභාගී වූ එකම ක්‍රිකට් ක්‍රීඩාව, 2023 ඔක්තෝම්බර් මාසයේදී මුම්බායි හි පැවති IOC රැස්වීමකින් පසුවයි ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ඇතුළත් කරන ලද්දේ.
මෙහිදී තවත් නව ක්‍රීඩා පහක් වන බේස්බෝල්/සොෆ්ට්බෝල්, ෆ්ලෑග් පාපන්දු, ලැක්‍රෝස් (හයේ පහර) සහ ස්කොෂ් යන ක්‍රීඩා අතරට ක්‍රිකට් එක් වේ.
2010, 2014 සහ 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි සහ කාන්තා T20 තරඟ දෙකම පැවැත්වූ අතර, බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කාන්තා තරඟයක් පැවැත්විණි.