විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහලය මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමා සහය වන ලෙස විදුලිබල මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය හෙට(13) සිට ලබන 21 දක්වා දිවා කාලයේ දී සෑම දිනක දී ම පස්වරු 03 දක්වා අක්‍රීය කරන ලෙසයි විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින්නේ.
අවුරුදු කාල සීමාවේ විදුලි ඉල්ලුම පහත වැටෙන අතර, එම නිසා සූර්ය පැනල මගින් පද්ධතියට බලශක්තිය එකතු වීමේ දී ජාතික පද්ධතියේ අසාමාන්‍ය ආතතියක් ඇති කරනවා.
එහි ප්‍රතිපලයක් ලෙස අර්ධ වශයෙන් හෝ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ඉහත සඳහන් කළ කාල සීමාවේ ජාතික පද්ධතිය ස්ථාවර ලෙස පවත්වාගෙන යාමට ලබා දෙන සහයක් ලෙස වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙස එම මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.