ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය යළි ජනතාවට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසුවයි.
මෙහිදී ඔවුන් දෙදෙනා සුහද කතාබහක නිරත වී ඇති අතර, විලියම් කුමරු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
2019 වසරේ එවකට ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක් කළ අවස්ථාවේදියි ඔවුන් දෙදෙනා අවසන් වරට හමු වී ඇත්තේ.