මහාචාර්ය කමල් ගම්මන්පිලගෙන් ආහාරවල තත්ත්වය පරීක්ෂාව ගැන හෙළිදරව්වක්

Published on

ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසනවා.

මහාචාර්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි.

එහිදී මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවද ප්‍රකාශ කර සිටියා.

කෘමිනාශක, වල්නාශක වර්ග 11ක් ‍රජරට පුද්ගලයින්ගේ මුත්‍රාවල තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද එය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් පවසා සිටියේ.

එමෙන්ම ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අපගේ අහාර පිළිබඳව පරික්ෂා කරන ලෙස පෙන්වා දුන්නද අප තවමත් එය සිදුකර නොමැති බවද ඔහු සඳහන් කළා.

මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී තව දුරටත් කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය 23.9%ක් වී ඇති බවත් කුරුණෑගල එම අගය 20.6ක් ලෙස සටහන් වී ඇති බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this