සිරියානු ආඥාදායක බෂාර් අසාද් රටින් පලා ගොස් ඇති බවට නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩැමස්කස් අගනුවර අල්ලා ගත් බවට කැරලිකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපතිවරයා මෙසේ රට හැර ගොස් ඇති බවයි කියන්නේ.
දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පැය කිහිපයකට පසුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.