ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම අවසානයේ ලකුණු 328කට සීමා වෙයි

Published on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

තුන්වැනි දිනය සඳහා අද තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙනයි සිටියේ.

දෙවෙනි තරඟයේ පළමු ඉනිමේදී පැතුම් නිස්සංක ලකුණු 89ක් ලබා ගත්තා.

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 බැගිනුයි වාර්තා කළේ.

කමිඳු මෙන්ඩිස් ලකුණු 48කටයි දැවී ගියේ සිය 5වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිමිනුයි.

එමෙන්ම ලකුණු 24කට ප්‍රභාත් ජයසූරියත්, නායක ධනංජය ද සිල්වා ලකුණු 14කටත් පිටියෙන් ඉවත්ව යද්දී ලකුණු 16කට සීමා වීමටයි කුසල් මෙන්ඩිස්ට හැකි වුණේ.

පන්දු යැවීමේදී අප්‍රිකානු කණ්ඩායමේ Dane Paterson ලකුණු 71කට කඩුළු 05ක්ද, Keshav Maharaj සහ Marco Jansen කඩුළු 02 බැගින්ද, Kagiso Rabada එක් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

මේ අනුව පළමු ඉනිමේදී ලකුණු 358ක් රැස් කළ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 30ක් පසුපසිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this