බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ණය ගෙවීම් පැහැර හැරි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටළුවලට විසඳුම් ඉදිරිපත් කරලා – මුදල් අමාත්‍යාංශය

Published on

බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටළු සඳහා මේ වන විට විසඳුම් ඉදිරිපත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය පවසනවා.

වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙස බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ.

ඒ හේතුවෙන් අදාළ පුද්ගලයාට නව ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව නොලැබෙනවා.

නව විසඳුමට අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ අනුව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණය ගැටලුළුවකින් තොරව බෙදා දීමට හැකියාව ලැබෙන බවයි.

ණය මුදල් පැහැර හැර ඇති එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වරළත් ගණකාධිකාරණ ආයතනයෙන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට සාකච්ඡා සඳහා සූදානම් විය යුතු බවයි ඔහු පැවසුවේ.

අනතුරුව ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්හට අයවැයෙන් වෙන් කළ ණය මුදල් බෙදා දීම සිදු කරන බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...