ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද කොළඹදී පැවැත්වෙනවා.
ඒ අනුව මෙවර නිලවරණයේදී වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ද නැවත වරක් සභාපති තනතුරට නාමයෝජනා භාර දීයි ඇත්තේ.
ඊට අමතරව ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන් ද එම ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් උපසභාපති, ලේකම්, උප ලේකම්, හාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහාද අද පැවැත්වෙන නිලවරණයේ දී නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නියමිතයි.