ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති වැඩ අරඹයි

Published on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධූරය අද ( 06 ) නිල වශයෙන් භාර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ මෙතෙක් සභාපති ධුරය දරූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ෂා ICC සභාපති ධුරය භාර ගැනීමත් සමඟයි.

ශම්මි මහතා වසර ගණනාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය දීමට ලැබීම විශාල ගෞරවයක් බවත්, ආසියාවේ හදගැස්ම වන ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට, නැගී එන දක්ෂයන්ට අවස්ථා ලබාදීමට සහ මෙම සුන්දර ක්‍රීඩාව තුළින් අපව එකමුතු කරන බැඳීම් ශක්තිමත් කිරීමට සියලුම සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවයි ධුරයේ වැඩ භාර ගනිමින් නව සභාපතිවරයා පැවසුවේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති ජේ ෂා එම තනතුරින් ඉවත්ව යාම වෙනුවෙන් ශම්මි සිල්වා හෘදයාංගම කෘතඥතාව පළකර ඇති බවද සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this