ඉදිරි වසර 10 තුළ වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වෙනුවට AI ආදේශ කරන බව බිල් ගේට්ස් පවසනවා.
ඒ අනුව කෘත්‍රිම බුද්ධියේ දියුණුව වෛද්‍ය විද්‍යාව සහ අධ්‍යාපනය වැනි බොහෝ සාම්ප්‍රදායික කාර්යයන්හි මානව වර්ගයාගේ භූමිකාව සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති බවටයි බිල් ගේට්ස් අනාවැකි පළ කරන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ NBC හි “The Tonight Show” වැඩසටහනේ විකට නළු ජිමී ෆැලන් සමඟ මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.
එසේම AI තාක්‍ෂණය දැනට විශේෂිත මානව කුසලතා අවශ්‍ය වන කාර්යයන් පහසුවෙන් ඉටු කරන බැවින් මිනිසුන් තවදුරටත් “බොහෝ දේ සඳහා” අවශ්‍ය නොවන බවයි මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ අනාගතය විස්තරකරමින් පැවසුවේ.
අද වන විට වෛද්‍ය විද්‍යාව සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල විශේෂඥතාව “දුර්ලභ” ලෙස පවතින බව ගේට්ස් පැවසූ අතර, එම ක්ෂේත්‍ර “ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු” හෝ “ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු” මත රඳා පවතින බව කියා සිටියා.
නමුත් ගේට්ස් ප්‍රකාශ කළේ ඉදිරි දශකය තුළ, “ශ්‍රේෂ්ඨ වෛද්‍ය උපදෙස් සහ විශිෂ්ට උපකාරක පන්ති” නොමිලේ සහ සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇති බවයි.
සතුට පිළිබඳ පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ හාවඩ් මහාචාර්ය ආතර් බෲක්ස් සමඟ පසුගිය මාසයේ පැවති සංවාදයකදී ගේට්ස් “නිදහස් බුද්ධිය” ලෙස හඳුන්වන නව යුගයක මෙම දැක්ම තවදුරටත් විස්තර කරනු ලැබුවා.
AI උපදේශකයින් පුළුල් ලෙස ලබා ගත හැකි වීමත් සමඟ එම තාක්‍ෂණය දෛනික ජීවිතය තුළට වැඩි වැඩියෙන් විනිවිද යනු ඇති බවත්, සෞඛ්‍ය සේවා සහ රෝග විනිශ්චය සිට අධ්‍යාපනය දක්වා ක්ෂේත්‍ර විප්ලවීය වෙනසක් ඇති කරනු ඇති බවයි ගේට්ස් වැඩිදුරටත් පවසා සිටියේ.
එමෙන්ම බිල් ගේට්ස් බෲක්ස්ට පවසා ඇත්තේ මෙම තාක්ෂණයේ දියුණුව ඉතා ඉක්මනින් සිදුවෙමින් පවතින නිසා සහ ඉහළ සීමාවක් නොමැති නිසා මෙම වෙනස ඉතා ගැඹුරු සහ තරමක් බියජනක බවයි.