මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35% අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එම රෝගයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවත්, ඉන් 4000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බවයි.
එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි ඔහු පැවසුවේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමින්.