චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම නවතන ලෙස චීනය ඇමරිකාවෙන් දැඩිව ඉල්ලයි

Published on

ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම නතර කරන ලෙස චීනය දැඩිව ඉල්ලා සිටිනවා.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ඊයේ (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ ඇමරිකාව සහ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයක යුද සබඳතාවකට චීනය දැඩි විරෝධය පළ කරමින් ඇමරිකාව තායිවානයට ආයුධ සැපයීම නවත්වන ලෙස දැඩිව ඉල්ලා සිටින බවයි.

එමෙන්ම බාහිර බලවේග හරහා කොපමණ ආයුධ මිලදී ගත්ත ද, තායිවාන ගැටළුව විසඳා රට යළි එක්සත් කිරීම සාක්ෂාත් කර ගැනීමට චීන ජනතාවගේ ස්ථිර කැමැත්ත වෙනස් කළ නොහැකි යැයි තායිවාන DPP පක්ෂ බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරන බවත් Chen Binhua මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

තවද “තායිවාන ස්වාධීනත්වය” පිළිබඳ බෙදුම්වාදී කුමන්ත්‍රණය පරාජය කර ජාතික ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාවට ඇති ශක්තිමත් හැකියාව නැවැත්විය නොහැකි බවත් ඔහු අවධාරණය කළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.

Latest articles

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

More like this