කැලිෆෝනියා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ භූ කම්පනයක්

Published on

කැලිෆෝනියා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ, ගොඩබිම සිට කිලෝමීටර 68ක පමණ දුරකින්.

ඊයේ (05 ) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ මෙම භූ කම්පනය වාර්තා වූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එහි ප්‍රභලත්වය හේතුවෙන් කැලිෆෝනියා සහ ඔරිගන් ප්‍රාන්ත වලට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන රැසක් වාර්තා වී ඇති අතර ප්‍රාන්ත පුරා නිවාස සහ ව්‍යාපාර ස්ථාන 10,000ක පමණ විදුලිය බිඳ වැටීම් ද ඇති වී තිබෙන බව සඳහන්.

පීඩාවට පත්වූ පුද්ගලයින්ට සහන සැපයීමේ අරමුණින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

විදෙස් වාර්තා වැඩි දුරටත් පවසන්නේ භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ මේ වනවිට තක්සේරු කරමින් ඇති බවයි.

කෙසේ නමුත් මේ වනවිට එම භූ කම්පන අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this