දකුණු කොරියා ජනපතිට පක්ෂයෙන් ඉවත් වන්නැයි බලපෑම්

Published on

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට පක්ෂයෙන් ඉවත් වන ලෙස පාලක පීපල් පවර් පක්ෂයේ නායකයා දන්වා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊයේ ජනාධිපති යූන් සිය ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යූන්ගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවේදී තමන් හැසිරුනු ආකාරය ගැන සමාව අයැදමින් ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ඉල්ලා අස් වුවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ හදිසි ඡන්ද විමසීමකින් පසු යුද නීතිය ඉවත් කිරීමට සිදුවීමත් සමග නිහඬ වූ ජනපති යූන් අද ජාතිය ඇමතීමට නියමිතයි.

මේ අතර දකුණු කොරියා විපක්ෂය ජනාධිපති යූන්ට දෝෂාභියෝගයක් එල්ල කර ඇති අතර සෙනසුරාදා එහි ඡන්ද විමසීම සිදු කරණ බවයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this