දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නෑ

Published on

නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත්, රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවකදියී.

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ එතුමා ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද කියා සිටියා.

ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, රටට හිතකර ආයෝජකයන් ගෙන්වා ගැනීමට ආයෝජන මණ්ඩලයට පූර්ණ නිදහස ලබා දෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබා දීමට මෙන්ම නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී රට තුළ ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this