boxing heavyweight ක්‍රීඩක ජෝර්ජ් ෆෝමන් අභාවප්‍රාප්ත වෙයි

Published on

වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැඳින්වෙන බොක්සිං හෙවිවේට් ක්‍රීඩක ජෝර්ජ් ෆෝමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දරුවන් 12 දෙනෙකුගේ පියෙකු වන ඔහු මිය යන විට වයස අවුරුදු 76ක්.

මෙම ඇමරිකානුවා ක්‍රීඩාවේ වඩාත්ම කැපී පෙනෙන සහ කල් පවතින වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගත් අතර, 1968 දී ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් වසර 21 ක පරතරයකින් පසු දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනා ගත්තා.

පළමු රන් පදක්කම දිනා ගන්නා විට ඔහුට වයස අවුරුදු 19 ක් වූ අතර, පසුව එය ඔහුගේ වෘත්තීය බවට පත් වී අඛණ්ඩව තරඟ 37 ක් ජයග්‍රහණය කළ බව සඳහන්.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු පරාජය වී ඇත්තේ තරඟ පහකි.

දෙවැනි ලෝක හෙවිවේට් ශූරතාව දින ගන්නා විට ඔහුට වයස අවුරුදු 45 ක් වූ අතර ඒ ඉතිහාසයේ වයස්ගතම ශූරයා බවට ද පත්වෙමින්.

කෙසේ නමුත් ෆෝර්මන්ගේ ඥාතීන් ඊයේ (21) සවස ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ඔහුගේ මරණය නිවේදනය කර තිබෙනවා.

එහි සටහන්ව තිබුණේ,

“අපේ හදවත් බිඳී ඇත. 2025 මාර්තු 21 වන දින ආදරණීයයන් වටකර සාමකාමීව නික්ම ගිය අපගේ ආදරණීය ජෝර්ජ් එඩ්වඩ් ෆෝමන් ජ්‍යේෂ්ඨයාගේ අභාවය අපි දැඩි ශෝකයෙන් නිවේදනය කරමු. භක්තිමත් දේශකයෙකු, කැපවූ ස්වාමිපුරුෂයෙකු, ආදරණීය පියෙකු සහ ආඩම්බර සීයා සහ මී සීයා කෙනෙකු වූ ඔහු නොසැලෙන ඇදහිල්ල, නිහතමානීකම සහ අරමුණ මගින් සලකුණු කරන ලද ජීවිතයක් ගත කළේය,”

යනුවෙනි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this