ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනයන්ගේ පුත් ගයාන් ගුණවර්ධන කියන්නේ කාලයක් තිස්සේ යෞවනියන්ගේ ආකර්ෂණය දිනාගත් මෑත කාලයේ කීප සැරයක්ම සමාජයේ කතා බහට ලක් වුණු චරිතයක්.
ඔහුගේ යම් යම් ප්‍රේම සම්බන්ධතා වගේම ඔහුගේ ගීත කිහිපයකටත් පසුගිය කාලයේ අවධානය යොමු වුණා, මතක ඇතිනෙ ඉතින් ?
හැබැයි අද කතාව මෙච්චර දවස් කනින් කොනින් ඇහුණ කතාවලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් එකක්.
පහුගිය කාලේ ෆේස්බුක් පිරෙන්න පූජනී ගැන හෑලී ලියවුණා මතක ඇති. මේ කියන්න යන්නෙත් හෑල්ලක්. හැබැයි මේ හෑල්ලේ යම්කිසි සම්බන්ධයක් මම අර උඩින් කියල තියෙන ගයාන්ගෙ සිවුරු කතන්දරයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අකුරක් නෑර කියවන එක ඇත්තම කතාව දැනගන්න බොහෝම වටිනවා.
ඔන්න ඉතින් අහගන්නකො
ගයාන් ගුණවර්ධන සිවුරක් ඇඳගෙන සිටින ඡායාරූපයක් මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙනවා.
ඇත්තටම මේ ඡායාරූප පිටිපස්සෙ තියෙන කතාව මොකක්ද ?
හිතාගන්න බෑ නේද ?
බොහෝම මෑතකදී ලස්සන කෙල්ලෙක් එක්ක බොහොම උජාරුවට ලොකු වෙඩිමක් ගත්ත ගයාන් ගුණවර්ධන පැවිදි වුණා කියලා පිළිගන්න හිත කැමති නෑ නේද? ඒත් ඉතින් සමහර දේවල් අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙනවා.
නිරන්තරයෙන්ම ජනප්‍රිය මිනිසුන්ගේ ඕප දූප හොයන අපි දන්නවා ගයාන් ගුණවර්ධනගේ බොහොම ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධතවක් තිබුණා. ඒ ඔහු වගේම බොහොම ප්‍රසිද්ධ කලා පවුලක ගෑණු ළමයෙක් එක්ක. ඒ ප්‍රේම සම්බන්ධය නතර වුණාට පස්සෙ ඔහු ඇතිකරගත් ප්‍රේමයත් ඒ වගේම ප්‍රසිද්ධ සුරූපිනියක්.
ඔබ දන්නවා ඇති පහුගිය කාලයේ ගයාන් සහ පූජනී අතර යම්කිසි අරෝවකුත් ඇතිවෙලා තිබුණා. දෙන්නට දෙන්න ෆේස්බුක් එකේ දිගට හරහට හින්ට් හෑලි ලිව්වා මතක ඇතිනේ?
ඊට පස්සේ හිටිගමන් කසාද බැන්දා. ඒ අස්සෙ දැන් ගයාන් මහණ වෙලා කියලා සිවුරක් ඇඳගෙන ඉන්න ගයාන්ගේ පින්තූරයක් හුවමාරු වෙනවා.
ඉතින් ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ ප්‍රසිද්ධ නොවුණු යම් යම් රහස් තියෙන්න පුළුවන් නිසා මේක යම්කිසි විදියකින් ගයාන් සහ පූජනී අතර ඇතිවුණු අලුත් ආරවුලක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුලුවන්.
හැබැයි ඒ වගේම මේක තවත් එක ගීත රූප රචනයක හෝ ගයාන්ගෙ අළුත් ටෙලි නාට්‍යක, නැත්නම් චිත්‍රපටයක රූපගත කිරීමක් වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් ගයාන් කියන්නේ අපි ආදරය කරන චරිතයක්නේ. ඔහු සිවුරක් ඇඳගෙන ඉද්දි කොච්චර උනත් හිතට කළකිරීමක් වගේ එකක් ආව නිසයි ඉතින් ඔගොල්ලොන්ටත් ලිව්වෙ.
අලුත්ම විස්තරෙ අරන් ඉක්මනටම එන්නම්.