ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟයේ අද දවස තීරණාත්මකයි

Published on

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය අද (05) ආරම්භ වනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදීයි.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේයි මෙම තරඟය පැවැත්වෙන්නේ.

ඩර්බන්හිදී පැවැති පළමු තරඟය ලකුණු 233කින් ජය ගත්තේ සත්කාරක දකුණු අප්‍රිකාවයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගැනීම අතිශය වැදගත් වනවා.

මෙම සටහනේ තුන්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ පළමු තරඟය පරාජය වීමෙන් පසුව හතරවන ස්ථානය දක්වා පහත වැටුණු අතර අද ආරම්භ වන තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව යලි තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙයි.

එය පරාජය වුවහොත් හයවන ස්ථානය දක්වා පසු බසිනු ලැබේ.

එසේම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට දෙවන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගය ජයගතහොත් ඉන්දියාව පරදවා පළමු ස්ථානයට පැමිණෙන අතර පරාජය වුවහොත් ඔවුන් සිටින ස්ථානයේම තවදුරටත් රැදී සිටීමට සිදුවන බවද සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this