නැවත දැනුම් දෙනතුරු සුරාබදු බලපත්‍ර දෙන්නේ නෑ.

Published on

නැවත දැනුම් දෙනතුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ඊයේ සභාගත කර තිබුණ බව සඳහන්.

එහිදී සභානායක කියා සිටියේ එම කාලය තුළ සුරාබදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති අතර ඉන් 172ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ඒවා බවයි.

මේ අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම නිසයි.

හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් සමාගමට නිකුත් කර ඇති සියලුම මත්පැන් බලපත්‍ර මේ මස 31න් පසු දීර්ඝ නොකරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ සමාගම වෙත නිකුත් කර තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this