සිරවී සිටින අභ්‍යාවකාශගාමීන් ගේන්න ගිය SpaceX කැප්සූලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ළඟාවෙයි

Published on

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක සිරවී සිටින සුනිතා විලියම්ස් සහ බුච් විල්මෝර් යන අභ්‍යාවකාශගාමීන් රැගෙන ඒමට ගිය ස්පේක්ස් එක්ස් කැප්සියුලය ඊයේ (16) දින එම මධ්‍යස්ථානයට ළඟා වී තිබෙනවා.

මාස 9ක් පුරා ඔවුන් දෙදෙනා මෙම මධ්‍යස්ථානයේ සිටින අතර මෙවරත් කාලගුණ බලපෑම් හේතුවෙන් පෘථිවියට පැමිණීම ප්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වුයේ නව කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු රැගත් SpaceX කැප්සියුලයයි.

කෙසේනමුත් සුනිතා සහ විල්මෝර් මේ සතියේ නැවත පෘථීවිය වෙත පැමිණිමට නියමිත වුවද කැප්සියුලය නැවත පෘථිවිය වෙත ආරක්ෂිතව ඇතුළුවීමට බලපාන තත්ත්වය නැවත නිවැරදි වන තෙක් එම ගමනේ ප්‍රමාදයක් විය හැකි බවයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පවසන්නේ.

Latest articles

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

More like this