මාතර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම කනස්සල්ලෙන්

Published on

මාතර පොල්හේන ප්‍රදේශයේ අන්තර්ජාතික ක්‍රිකට් පුහුණු පාසලක් සහ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වත්මන් ජාතික ක්‍රීඩා කමිටුවේ සමාජික, හිටපු ක්‍රිකට් ක්‍රිඩක රොෂාන් මහානාම කනස්සල්ල පළකර තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති විසින් ක්‍රිකට් ආයතනය සමඟ ආරම්භ කිරිමට සැලසුම් කරන මෙම ක්‍රිඩාංගණය සම්බන්ධ ව්‍යාපෘතිය පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබදව ප්‍රශ්න කළ යුතු බවයි මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම නව ක්‍රිකට් ක්‍රීඩාංගණ සඳහා ආයෝජනය කරනවාට වඩා රට පුරා සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා හොඳ සහයෝගයක් ලබාදීම සඳහා පවතින පහසුකම් වැඩිදියුණු කිරීමට පවතින මුදල් වෙන්කළ යුතු බවට ඔහු යෝජනා කර තිබෙනවා.

මහානාම පැවසුවේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ අවධානයට ලක්විය යුතු බවට තමන් විශ්වාසය පළ කරන බවයි.

මේ අතර මාතර පොල්හේන අන්තර්ජාතික ක්‍රිකට් පුහුණු පාසලේ සහ ක්‍රීඩාංගණයේ මූලික කටයුතු මසක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සුනිල් හඳුනෙත්ති පසුගියදා ප්‍රකාශ කළා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this