කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
ජනාධිපති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියානු ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට තර්ජනයක් බවයි ඔහු පවසා සිටින්නේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෙන්ම පරිපාලනයට සහය දෙන අයගේද එකමුතුකම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය යුතු බවත් අවධාරණය කරන රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවේ ශක්තිය මින් පෙන්නුම් කරන බවද සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම ව්‍යවස්ථාමය අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කොරියානු ජනරජයේ අවශ්‍යතාවයක් බවයි.