ශ්‍රී ලංකා මාස්ටර් පැරදූ කොදෙව් මාස්ටර් කණ්ඩායම අවසන් මහා තරඟයට

Published on

2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර් කණ්ඩායම ඊයේ (14) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායමට එරෙහිව ලකුණු 06ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමට අරාධනා කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 179ක්.

දිනේෂ් රැම්ඩින් පන්දු 22 කදී නොදැවී ලකුණු 50ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

නායක බ්‍රයන් ලාරා ලකුණු 41යි.

ජයග්‍රාහී ලකුණු 180ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ 173ක් වේ.

අසේල ගුණරත්න පන්දු 42කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 66ක්.

උපුල් තරංගට ලකුණු 30ක් හා ඉසුරු උදාන ලකුණු 21 බැගින් ලබා ගත්තා.

නායක කුමාර් සංගක්කාර ලකුණු 17ක් රැස් කර සිටිය දීයි දැවී ගියේ.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 12 සීමාව පසුකර යාමට කොදෙව් මාස්ටර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය සහ කොදෙව් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this