සිඩ්නි නුවරදී කොකේන් සැපයීමේ චෝදනාවකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් වරදකරු බව ජූරි සභාව තීරණය කර තිබෙනවා.
54 හැවිරිදි ඔහු තහනම් ඖෂධයක විශාල ප්‍රමාණයක් සැපයීමට සහභාගී වූ බවට එල්ල වූ චෝදනා මත නඩු විභාගයකට මුහුණ දී සිටි අතර 2021 අප්‍රේල් මාසයේදී මෙම කොකේන් චෝදනාවට ලක් වූ බව සඳහන්.
මැක්ගිල් නිතිපතා කොකේන් භාවිතා කරන්නෙකු බවත්, වසර ගණනාවක් තිස්සේ, සාමාන්‍යයෙන් ග්‍රෑම් භාගයක ප්‍රමාණයෙන් ඩොලර් 200 කට වෙළෙන්දෙකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවත් ජූරි සභාව දැනුවත්ව වී තිබෙනවා.
කෙසේවෙතත්, මැක්ගිල් වරද පිළිගෙන නැති අතර ඔහුගේ නීතිඥයන් චෝදනාව එල්ල කර ඇති පුද්ගලයන්ගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කර තිබෙන බව සඳහන්.
තීන්දුව දැනගත් විට මැක්ගිල් විත්ති කූඩුවේ එතරම් ප්‍රතිචාරයක් නොදැක්වූ අතර කිසිදු අදහසක් නොදක්වා අධිකරණයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.