පාස්කු දින ප්රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන බව මඩකලපුව දිස්ත්රික් මන්ත්රී ශානක්කියම් රාසමානික්කම් මහතා පවසනවා.
අද (04) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදීයි ඔහූ මේ බව කියා සිටියේ.
මන්ත්රීවරයා එහිදී සඳහන් කළේ තමාහට අවස්ථාවක් ලබාදෙන්නේ නම් අදාළ සාක්ෂි ලබාගත හැකි කණ්ඩායම් සම්බන්ධ කර දිය හැකි බවයි.
පාස්කු දින ප්රහාරය සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙන බවයි රාසමානික්කම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ.