යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අඛණ්ඩව තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ( 03 ) සමත් වුණා.
ඒ, තරඟාවලියේ මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී බංගලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.
ඩුබායිහි පැවැති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වන අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ ලකුණු 228ක් ලබා ගත්තා.
ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංගලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03කදී ලකුණු 221කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විමත් දිනසර විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් වාර්තා කරනු ලැබුවා.