මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් වැඩිහිටියන් සහ ළමුන් අතර දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා.
අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ.
මෑත කාලීන තරුණ ප්‍රජාව අතර ද මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ද ඇය ප්‍රකාශ කළා.
මෙම පිළිකා තත්ත්වයන් කලින් හඳුනා ගැනීම වෙනුවෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති බවයි එම මාධ්‍ය හමුවට එක් වූ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත විජේනායක මහතා පැවසුවේ.
මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පාලනය කිරීම සඳහා මහජන දැනුවත්භාවය සහ කාලීන මැදිහත්වීම අත්‍යාවශ්‍ය වන අතර බොහෝ විට මුල් අවධියේදී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
ළඟදී ඇතිවුණු ගුද මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමක්, සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින මළපහ පුරුදුවල ඇතිවූ වෙනස්කම් මෙම පිළිකා රෝගයේ ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා වනවා.
මෙම රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් බොහෝ විට මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාව පවතී.