ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බවත්, එහිදී අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
එම විශ්ලේෂණ කටයුතු සිදු කරන්නේ බුද්ධි අංශ මගිනි.
ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ දිනවල සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී වන අතර ඔවුන් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර තිබූ බව ද එම අමාත්‍යාංශය පැවසුවා.