සේවක වැඩ වර්ජනයක් හේතුවෙන් Woolworth රාක්ක හිස් වෙයි

Published on

Woolworth සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ බෙදාහැරීමේ මධ්‍යස්ථාන රැසක දින 12ක සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

වැටුප් කොන්දේසි කිහිපයක් මුල් කර ගනිමින් එම වෙළඳසැලට අයත් ගබඩා 8ක සේවකයින් 1500කට අධික පිරිසකුයි මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත්තේ.

මේ හේතුවෙන් නිව් සවුත් වේල්ස් අලෙවිසැල් රැසක හා වික්ටෝරියාහි වෙළදසැල් 4ක කටයුතුවලට බාධා මතුව ඇති බවයි පවසන්නේ.

සේවකයින් 25%න් වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටින අතර ඉදිරි වසර 2 තුළ එම අගය 30% දක්වා ඉහළ දැමිය යුතු බවට ඔවුන් ඉල්ලීම් කරනවා.

මෙල්බන් හි Woolworths වෙළදසැල් රාක්ක රැසක අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් පැවති බව එහි ගිය බොහෝ පාරිභෝහිකයින් ප්‍රකාශ කර ඇති අතර ශීත කළ පලතුරු එළවලු සහ පාන්, රසකැවිලි, සිසිල් බීම සති අන්තයේ සමහර වෙළඳසැල්වල හිඟයක් පවතින බවට සාප්පු හිමියන් ද පැමිණිලි කර තිබෙන බව සඳහන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදාළ වෘත්තීය සංගම් සමග සාකච්ජා කරන බවත්, උත්සව සමයේ පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට අවස්ථාව හිමිකරදීමට කටයුතු කරන බවයි Woolworths ආයතනය පවසා ඇත්තේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this