ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව සිදු කළ ප්‍රකාශ අසත්‍යයයි – කංචන

Published on

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව පසුගියදා රජය, දේශපාලන නියෝජිතයින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ පිළිබඳ ඔහුගේ මුහුණු පොතෙහි සටහනක් තබමිනුයි විජේසේකර මහතා මේ බව කියා සිටියේ.

එම සටහන පහතින්,

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව පසුගියදා සිදු කරන ලද අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ පිළිබඳව

පසුගිය දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයේ නියෝජිතයන්, විවිධ දේශපාලන නියෝජිතයන්, සමාජ මාධ්‍ය නියෝජිතයන් සහ මාධ්‍ය මගින් පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අධිකරණය මගින් ලබා දී තිබු නියෝග ක්‍රියාත්මක නොකර බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කළ බව සහ අය විය යුතු මුදල් අය නොකර ගත් බව අසත්‍ය ලෙස ප්‍රකාශ කර සිටින ලැබුණි.

පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිළිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේ දී, ඛනිජ තෙල් බෙදුම්කරුවන් පසුගිය 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව තහනම් නියෝග දෙකක් ගනු ලැබුණි.

එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු 30වන සිකුරාදා නියෝගයක් නිකුත් කරනු ලැබුණි.

එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 2 වන සඳුදා ලබා දෙන ලැබුණි.

එම නියෝගය අනුව අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එම නියෝගය පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙසත් ඛනිජ තෙල් සංස්ථාවට එම නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුවත් කරනු ලැබුණි.

ඒ අනුව කටයුතු කිරීමේ දී ඛනිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස දෙවන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වන දින සිදු විය.

සැප්තැම්බර් මස 23 වන දිනෙන් පසු පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ඛනිජ තෙල් සංස්ථාව ක්‍රියාත්මක කළ ක්‍රමවේදය පිළිබඳව මා හට අවබෝධයක් නොමැත.

යනුවෙන් එම සටහනේ සඳහන්.

Latest articles

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කරන ලද පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්...

පළාත් පාලන ආයතන ඡන්දයට ඇප මුදල් භාර ගැනීම ගැන නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම අද (03) සිට ආරම්භ වන...

ඉන්දියාවේ සුරතල් බළලාගේ මරණයෙන් කම්පාවට පත් කාන්තාවක් සියදිවි නසා ගනියි

ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් හි අම්රෝහා නම් ප්‍රදේශයේ කාන්තාවක් තම ආදරණීය සුරතල් බළලාගේ මරණයෙන් කම්පාවට...

97 වන ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් නුවර දී – හොඳම නළුවා Adrien Brody

97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී මේ වන විට ආරම්භ...

More like this