97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී මේ වන විට ආරම්භ වී තිබෙනවා
එහිදී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා , හොඳම සහය නිළිය, හොඳම සිනමාපට අධ්‍යක්‍ෂ, හා හොඳම සිනමාපටයට හිමි නිර්දේශිත නාමයන්ගෙන් සැබෑ හිමිකරුවන්ට හිමි සම්මාන ප්‍රදානය කර අවසන්.
ඒ අතරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට Adrien Brody සමත් වූයේ.
ඒ The Brutalist සිනමාපටයේ රංගනය වෙනුවෙන්.
ඔහු සමඟ නිර්දේශිත සෙසු නළුවන් වූයේ Timothee Chalamet, Colman Domingo, Ralph Fiennes සහ Sebastian Stan ය.
බ්‍රැඩි කෝබට් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Brutalist චිත්‍රපටය පැය තුනහමාරක පශ්චාත් යුධ ඇමරිකානු වීර කාව්‍යය විස්ටාවිෂන් හිදී යි රූගත කරන ලද්දේ.
Brody පසෙකින්, චිත්‍රපටයේ Felicity Jones සහ Guy Pearce ද ප්‍රධාන චරිත නිරූපණය කරයි.
එමෙන්ම මෙය ඔහු හොලිවුඩයේ වඩාත් ආකර්ෂණිය නළුවෙකු ලෙස තමාව තහවුරු කරගත් දෙවැනි ඔස්කාර් සම්මානය වන අතර මින් පෙර The Pianist හි රංගනය වෙනුවෙන්ද හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ Brody ය.
එමෙන්ම එම උළෙලේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මාන දිනා ගනු ලැබුවේ මිකී මැඩිසන්ය.
ඒ ‘අනෝරා’ (Anora) චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. .
රුසියානු කතිපයාධිකාරීවරයෙකුගේ ආවේගශීලී පුත්‍රයෙකු විවාහ කර ගන්නා බෘක්ලින් විදේශීය නර්තන ශිල්පිනියක් ලෙසයි මිකී මැඩිසන් මෙහි රංගනයෙන් දායක වන්නේ.
ඇය, පසුගිය වසරේ කෑන්ස් හි ‘පාම් ඩි’ඕර්’ සම්මානයද හිමිකර ගැනීමට සමත් වු අතර, මේ වසරේ BAFTA සහ Spirit සම්මාන උළෙලේදී හොඳම
නිළියට හිමි සම්මානද හිමි කර ගනු ලැබූවා.
එසේම මෙම උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනා ගැනීමට Kieran Culkin සමත් වූ අතර ඒ ‘A Real Pain’ චිත්‍රපටය වෙනුවෙන් ඔහු දැක් වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.
මෙය Kieran Culkinගේ පළමු ඔස්කාර් සම්මානය වන බවයි කියයි.
ඔහුගේ පිළිගැනීමේ කතාවේදී,Culkin ඔහුගේ අනුප්‍රාප්තික සම-නළු ජෙරමි ස්ට්‍රෝංට ප්‍රශංසා කර සිටි අතර Culkin ඔහුගේ බිරිඳ ජෑස් චාර්ටන්ට ද ස්තූති පළ කිරීමට අමතක කළේ නැහැ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඔස්කාර් සම්මානයක් දිනා ගන්නේ නම් ඔවුන්ට තවත් දරුවෙකු ලැබිය හැකි බවට බිරිඳ ලබා දුන් පොරොන්දුවක් පිළිබඳවද Kieran Culkin මෙහිදී සිහිපත් කළ බවයි.
2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගැනීමට සමත් වූයේ Zoe Saldana ය.
සංගීතමය ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘Emilia Perez’ සිනමාපටය වෙනුවෙන් ඇය දැක් වූ විශිෂ්ට රංගනය වෙනුවෙනුයි ඇයට මෙම සම්මානය හිමි වූයේ.
”මෙම සම්මානය ප්‍රේක්ෂකයින් ලබා දුන් තෑග්ගක්” බව සම්මානය ලබා ගනිමින් ඇය පැවසුවා.
එසේම හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය හිමි කරගැනීමට Anora චිත්‍රපටයයි සමත් වූයේ.
එම චිත්‍රපටය Sean Baker (ෂෝන් බේකර්) විසින් අධ්‍යක්ෂණය කළ අතර, හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානයද හිමි වූයේ ද ඔහුටයි.
එමෙන්ම, හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ 26 හැවිරිදි මයිකි මැඩිසන්ට එම ඔස්කාර් සම්මානය හිමිවුණේ ද මෙම Anora චිත්‍රපටයේ
රංගනය වෙනුවෙන්.
2024 දී තිර රචනය කර, අධ්‍යක්ෂණය කර, සංස්කරණය කරන ලද අනෝරා ඇමරිකානු ආදර හාස්‍ය-නාට්‍ය සිනමාපටයක් වනවා.
එමෙන්ම හොඳම තිර රචනය සහ සංස්කරණය සඳහා හිමි සම්මාන ද්විත්වය පිරිනැමුණේ ද මෙම අනෝරා චිත්‍රපටයටයි.