පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දැනට කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා, අලුතින් නාම යෝජනා කැඳවීමට අවශ්‍ය විධි විධාන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දීයි මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ.
පසුගිය 25 දින පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ දී 2023 වර්ෂයේ කැඳවන ලද නාම යෝජනා අවලංගු කර අලුතින් නාම යෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබෙන බව ද සඳහන්.