දිවයිනේ ( ශ්‍රී ලංකාවේ ) නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
එසේ වුවද, ඇතැම් පළාත්වල විටින් විට පැ.කි.මී. (40-45)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
මේ අතර මඩකලපුව සිට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වන බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.